විදෙස්

ජනපති බයිඩ්න් බූස්ටර් මාත්‍රාව ගනී

(UTV | වොෂින්ටන්) – ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සිය 03 වන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

අවුරුදු 65 ට වැඩි අවධානම් රෝග සහිත පුද්ගලයන්ට 03 වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත දීමට එරට සෞඛ්‍ය අංශ පසුගියදා නිර්දේශ ලබාදී තිබුණා.

වෛරසයෙන් මිදීමට ඇති ප්‍රධානතම ක්‍රියාමාර්ගය නියමිත පරිදි එන්නත ලබාගැනීම බවයි බූස්ටර් එන්නත ලබාගැනීමෙන් පසු අදහස් දක්වමින් ජනාධිපති ජෝ බයිඩ්න් කියා සිටියේ.

දැනට 78 වන වියෙහි පසුවන අමෙරිකා ජනාධිපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් 21 වනදා සිය පළමු එන්නත් මාත්‍රාව ගත් අතර දෙවන මාත්‍රාව ලබාගත්තේ ජනවාරි 11 වනදායි.

අමෙරිකානු සෞඛ්‍ය අංශ නිර්දේශ කලේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06 ක් ගතවීමෙන් පසු 03 වන මාත්‍රාවද ලබාගැනීම යෝග්‍ය බවටයි.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන්, ඇමරිකන් ඩොලරයට හොඳ කලක්

Editor O

මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

චීන අත්අඩංගුවේ පසුවූ ඉන්දීය සෙබලුන් 10 දෙනෙකු මුදා හැරේ

Mohamed Dilsad

Leave a Comment