විදෙස්

පාකිස්තානයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු 150 කට පමණ කොරෝනා

(UTV | කොවිඩ් 19) – පාකිස්තානයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩල ඇතුළු සෞඛ්‍ය සේවකයන් 150කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට පන්ජාබ් ප්‍රාන්තයේ තරුණ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම තත්ත්වයත් සමඟ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ඉදිරිපෙළ සිටින රෝහල් කාර්යමණ්ඩලවලට ප්‍රමාණවත් පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල දෙන්නැයි ඉල්ලමින් පාකිස්තානයේ වෛද්‍යවරු සහ හෙදියෝ පනහකට ආසන්න පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබේ.

කොරෝනා වයිරසයෙන් පාකිස්තානයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පන්ජාබ් පළාතටය.

ආරක්ෂිත මුඛ ආවරණ, අත්ආවරණ ආදී සෞඛ්‍යාරක්ෂිත උපකරණවල දැඩි හිඟයක් මතුව ඇතැයි පාකිස්තානයේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයෝ සති ගණනක සිට චෝදනා නගන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

ගොවීන්ට බලපාන නීති 3ක් අගමැති මෝදි අවලංගු කරයි

Mohamed Dilsad

කිලෝ 500ක බෝම්බයක් සොයා ගනී

Mohamed Dilsad

ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment