විදෙස්

ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා පත්වෙයි

(උදයම්,ප්‍රංශය)  – ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස එම්මානුවෙන් මැක්‍රොන් ජයග්‍රහණය කරයි.

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රංශයේ 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ එම්මානුවෙන් මැක්‍රොන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 66.06%ක් ලබා ගත්තේය.

ජනාධිපතිවරණයේ එම්මානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රතිවාදිනිය වූ මැරීන් ලා පෙන් විසින් ලබාගෙන ඇත්තේ 33.94% ක ඡන්ද ප්‍රතිශතයකි.

එම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය ඇමතූ මැක්‍රොන්, තමාට ප්‍රංශ ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට අවශ්‍ය බව සඳහන් කළේය.

ප්‍රංශ ජාතියේ එක්සත්භාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට වගකීමේ සහතිකයක් ලබාදිය හැකි බව පවසා ඇති ඔහු යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරන බව අවධාරණය කර ඇත.

Related posts

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයට තද වැසි සමග ගංවතුරක්

Mohamed Dilsad

ජපාන අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සැරසේ

Mohamed Dilsad

සෞදිය ඔසාමාගේ පුත්‍රයාගේ පුරවැසිභාවය අහෝසි කරයි..

Mohamed Dilsad

Leave a Comment