ප්‍රමුඛ පුවත 1

නේපාල ජනාධිපතිනිය දිවයිනට

(උදයම් , කොළඹ) – ජාත්‍යන්තර වෙසක් දින උළලේ සමාප්ති උත්සවයට සහභාගිවීම සඳහා නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

අද(13) පෙරවරු 10.55ට තායිලන්තයේ බැංකොක් සිට පැමිණි යූ.එල් 403 දරණ ගුවන් යානයෙන් නේපාල ජනාධිපතිවරිය දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේය.

නේපාල ජනාධිපතිවරිය සමඟ 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ සමාප්ති උත්සවය හෙට(14) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විමට නියමිතය.

මේ අතර ලෝක මහා සමුළුව අද(13) පස්වරුවේ පවැත්වීමට නියමිත අතර එහි ප්‍රධාන ආරාධික අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය සහභාගීවනු ඇත.

Related posts

ගෝඨාභයගේ නඩුව අත්හිටුවන්නැයි නියෝගයක්

Mohamed Dilsad

මහමග නවතා ඇති රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

හින්දු බැතිමතුන් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අදයි

Mohamed Dilsad

Leave a Comment