ප්‍රමුඛ පුවත 1

නේපාල ජනාධිපතිනිය දිවයිනට

(උදයම් , කොළඹ) – ජාත්‍යන්තර වෙසක් දින උළලේ සමාප්ති උත්සවයට සහභාගිවීම සඳහා නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

අද(13) පෙරවරු 10.55ට තායිලන්තයේ බැංකොක් සිට පැමිණි යූ.එල් 403 දරණ ගුවන් යානයෙන් නේපාල ජනාධිපතිවරිය දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේය.

නේපාල ජනාධිපතිවරිය සමඟ 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ සමාප්ති උත්සවය හෙට(14) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විමට නියමිතය.

මේ අතර ලෝක මහා සමුළුව අද(13) පස්වරුවේ පවැත්වීමට නියමිත අතර එහි ප්‍රධාන ආරාධික අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය සහභාගීවනු ඇත.

Related posts

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ

Mohamed Dilsad

අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment