Trending News

ආගන්තුක ඊමේල් පණිවුඩ විවෘත කිරිමෙන් වැළකී සිටින්නැයි උපදෙස්

(උදයම්,කොළඹ)  – ලොව පුරා රටවල් 99ක පරිඝනක පද්ධතිවලට බලපෑම් එල්ල කළ රැන්සම්වෙයා පරිඝනක වෛරස් ප්‍රහාරයෙන් මෙරට පරිඝනක පද්ධතිවලට බලපෑම් ඇති වූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බව පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

පසුගිය දින කිහිපය තුළ  නිවාඩු දිනයන් මෙරට රාජ්‍ය අංශයේ පරිඝනක පද්ධතීන් විශාල වශයෙන් භාවිත නොවූ නිසා ඒ පිළිබඳ වාර්තා වී නොමැති බව පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම සයිබර් ප්‍රහාරයේ අවදානම හේතුවෙන් ආගන්තුක ඊමේල් පණිවුඩ විවෘත කිරිමෙන් වැළකී සිටින ලෙස ද පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙනවා.

Related posts

Australia and Sri Lanka to strengthen cooperation to counter people smuggling

Mohamed Dilsad

ஸ்ரீதேவியின் இறுதிச்சடங்கு இன்று மும்பையில்…

Mohamed Dilsad

காப்பான் படத்தில் சூப்பர் ஸ்டாரை தாக்கி வசனம்? (VIDEO)

Mohamed Dilsad

Leave a Comment