ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ නඩුව අත්හිටුවන්නැයි නියෝගයක්

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලූ බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජාගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරනු ලැබීය.

හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කරන ලදී.

එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබු අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.

අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස 01 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණයය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස දන්වා නියෝගයක්ද නිකුත් කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි හතක් වටිනා මුහුදු කුඩැල්ලන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

කිලිනොච්චි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment