ප්‍රමුඛ පුවත 1

කළුතර ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

(UTV| කොළඹ) – කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට මේ වනවිට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙම පවිත්‍රාගාරයේ විදුලිය සපයන ට්‍රාන්ස්පෝමරයක සිදුවු හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජල සැපයීම අඩාල වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව පයාගල, පිළිමිනාවත්ත, බෝඹූවල, මග්ගොන, මීරිවෙල, කළුවාමෝදර ,මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට අද (26) මධ්‍යම රාත්‍රි 12 දක්වා ජල සැපයීම අත්හිටුවනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැසි ඇති වන විට අකුණු අනතුරු අවම කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

මහ කන්නයේ වී මිලදී ගැනීමට නිශ්චිත මිලක්

Mohamed Dilsad

වතුකර ජනතාවගේ සියළු ඡන්ද සජිත්ටයි – වඩිවේල් සුරේෂ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment