ප්‍රමුඛ පුවත 1

යාපනය සරසවියේ ගැටුමකින් සිසුන් 11ක් රෝහලේ

(UTV| කොළඹ) – යාපනය, විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ  ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ(24) සවස මෙස සිදුවීම සිදුව ඇති බව විශ්ව විද්‍යාල සිසුන් පවසයි.

විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර වු ගැටුමකින් තුවාල ලැබු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් එලෙස රෝහල්ගත කර තිබේ.

බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිංහල සිසුන් පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවද විශ්වවිද්‍යාල සිසුන් පැවසූහ.

මේ අතර පොලිසිය පැවසුවේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් 9 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

නමුත් ඒ සම්බනධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් නොලැබී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

තැපැල් ඡන්දයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

Leave a Comment