ප්‍රමුඛ පුවත 1

දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජනපති හමුවෙයි

(UTV|කොළඹ) – ශී‍්‍ර ලංකාව හා පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙති‍්‍ර (General Rajendra Chhetri) මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ජාතිය ගොඩනැගීමේහිලා දෙරටේ හමුදාවන් හි දායකත්වය, ජාතික ආපදා අවස්ථාවන්වලදී ප‍්‍රතිචාර දැක්වීමේ ක‍්‍රම මෙන්ම පුහුණ අවස්ථාවන් සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

විශේෂයෙන්ම නේපාලය පසුගියදා මුහුණදුන් දරුණු භූමිකම්පා අවස්ථාවේදී ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් ලබාදෙන ලද ක්ෂණික සහන ඉතා ඉහළ මට්ටමක පැවතුන බව සඳහන් කළ නේපාල යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානීවරයා ඒ පිළිබඳව නේපාල රජයේ ස්තූතිය ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.

ශී‍්‍ර ලංකාව සහ නේපාලය අතර අතීතයේ පටන් පවතින ආගමික, සංස්කෘතික සහ සාමාජයීය සබඳතාවයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඉදිරියේදී එම සබඳතාවයන් තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

දෙරටේ හමුදාවන් අතර පුහුණු අවස්ථාවන් සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විශේෂයෙන්ම ජාතික ආපදා අවස්ථාවන්ලට මුහුණදීමේදී මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී එය බෙහෙවින් වැදගත් බව සඳහන් කළේය.

හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අරලියගහ මන්දිරය තුල කලහකාරී තත්ත්වයක්

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳ මැකෝ ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ජනපති ඉන්දීය අගමැතිට සුබ පතයි

Mohamed Dilsad

Leave a Comment