ප්‍රමුඛ පුවත 1

කෝටි හතක් වටිනා මුහුදු කුඩැල්ලන් තොගයක් අල්ලයි

පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේ රහසිගත ලෙස  ගබඩා කර තිබු රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුතු මුහුදු කුඩැල්ලන් තොගයක් සොයාගෙන තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශණ අංශය හා පුත්තලම සහකාර අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් එක්ව අද (02) පස්වරුවේ සිදුකල වැටලිමකදි මෙම මුහුදු කුඩැල්ලන් තොගය සොයා ගැනුණි.

මේවා යාපනය හා මුලතිව් ප්‍රදේශයේ සිට රහසිගතව රැගෙන විත් කිසිවකුට සැක නොසිතන  අයුරින් ශීතාගාර සහිත ගබඩාවක ආරක්ෂීතව ගබඩා කර තිබියදී සොයාගෙන ඇත.

එහි මුහුදු කුඩැල්ලන් කිලෝ 2000 ප්‍රමානයක් තිබු බව වාර්තාවේ.

විදේශ රටවලට හොර රහසේ යැවිමේ අරමුනින් මේවා උර වල බහා ආරක්ෂීතව ගබඩාවක සගවා තිබු සගවා තිබියදි සොයා ගත්තේය.

මෙම මුහුදු කුඩැල්ලන් තොගය ගබඩා කර තිබු ස්ථානය භාරව සිටි භාරකරු ධීවර නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබු අතර ඉදිරි විමර්ශණ ආරම්බ කර ඇති බවද කියයි.

අත් අඩංගුවට ගත් සැකකරු හා කුඩැල්ලන් තොගය  හෙට කොළඹ අංක 03 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජම්පටා වීදියේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබා ගැනේ

Mohamed Dilsad

විමල් වීරවංශ මහතා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment