දේශීය

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය වෙනස් වෙයි

(UTV | කොළඹ) – රටටම එක නීතියක් හදන්න අධිකරණ ඇමැති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙරට පුරවැසින්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් පුද්ගලයින්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ලබාදීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඉස්ලාම් ආගම අදහන තැනැත්තන් විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනත යටතේ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට එකී අඥාපනත යටතේ පාලනය වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු කටයුතු සම්බන්ධ කාර්යය පටිපාටිය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් මෙන්න

Mohamed Dilsad

සිංහල අලුත් අවුරුද්දට, ලංකා සතොසෙන් රු. 5,000 බඩු මල්ල රු. 2500ට

Editor O

පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment