දේශීය

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය වෙනස් වෙයි

(UTV | කොළඹ) – රටටම එක නීතියක් හදන්න අධිකරණ ඇමැති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙරට පුරවැසින්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් පුද්ගලයින්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ලබාදීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඉස්ලාම් ආගම අදහන තැනැත්තන් විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනත යටතේ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට එකී අඥාපනත යටතේ පාලනය වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු කටයුතු සම්බන්ධ කාර්යය පටිපාටිය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

ඇඳිරි නීති කාලය තුළ ජල – විදුලි දෝෂ සඳහා විශේෂ සේවාවක් හෙට සිට

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

ඉදිරියේදී ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment