දේශීය

මාලදිවයින් ජනපති ඇතුලු දූත පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – දින 03 ක සංචාරයක් සදහා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුලු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ කාර්ය බභාර නිලධාරීවරයා සඳහන් කලේ පෙරවරු 11.30 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් ජනාධිපතිවරයා ඇතුලු පිරිසක් දිවයිනට ළගාවූ බවයි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 15 දෙනෙකු ද මෙම සංචාරය සඳහා පැමිණ තිබෙනවා.

මෙම පිරිස ලබන 23 වන දින සිය සංචාරය නිමා කර ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.

Related posts

රාජිතගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

Mohamed Dilsad

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

Editor O

ගලගෙදර සමූපකාරයෙන්, මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment