Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

පසුගිය කාලය තුළ අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සලසමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.එම විශේෂ චක්‍රලේඛයට අනුව ලබන වසරේ මාර්තු 31 වනදා වන විට අදාළ බැංකුවල ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකක සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා සහන හිමි වනවා.

ඒ, අනුව 2024 වසරේ දෙසැම්බර් 15 වනදාට ගෙවිය යුතු මුළු හිඟ ණය ප්‍රාග්ධනය, රුපියල් මිලියන 25ට අඩු නම්, ලබන වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර ප්‍රතිලේඛණගත කළ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වනවා. රුපියල් මිලියන 25 – 50 අතර හිඟ ණය පවතින ණය ගැතියන්ට ලබන වසරේ සැප්තැම්බර් 30 වනදාට පෙර ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන්. එමෙන්ම රුපියල් මිලියන 50ට වැඩි හිඟ ණය ඇති ගනුදෙනුකරුවන් එළෙඹෙන වසරේ ජුනි 30 වනදාට පෙර ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වනවා. ඊට අමතරව නොගෙවූ ණය පොළිය නිදහස් කිරීම සම්බන්ධයෙන් සහන සලසා තිබෙනවා.

ඒ, අනුව රුපියල් මිලියන 05 සිට මිලියන 10 දක්වා හිඟ ණය මාස 06ක් තුළ නිරාකරණය කළහොත් 65%ක්, අවුරුද්දක් ඇතුළත 50%ක් සහ මාස 12 කට වැඩි මාස 60 කට අඩු කාලයක් තුළ 40% ක් ලෙස ණය පොළිය නිදහස් කරනු ඇති. මුළු හිඟ ණය මුදල රුපියල් මිලියන 10 සිට මිලියන 25 දක්වා ඇත්නම් එම ණය මුදල, මාස 06ක් ඇතුළත එය නිදහස් කළහොත් 35%ක් පොළිය නිදහස් කරන බවයි දන්වා ඇත්තේ.

එම ණය මුදල වසරක් තුළ ගෙවා නිමකරන්නේ නම්, 25% කින් සහ මාස 12 කට වැඩි මාස 60 කට අඩු කාලයක් තුළ 20%ක් ලෙස ණය පොළිය නිදහස් කිරීමට නියමිතයි.

Related posts

Sixteen people arrested for suspicious behaviour

Mohamed Dilsad

දිවයිනේ සියලුම සුරාසැල් දින දෙකක් වහයි

Mohamed Dilsad

Sri Lanka keen to boost and expand relations with Cyprus

Mohamed Dilsad

Leave a Comment