දේශීය

හැටන් වතු යායක පස්වරුවේ ඇතිවූ ගින්නකින් නිවාස 14 කට දැඩි හානි

(UTV | කොළඹ) – හැටන් ඇබොස්ලි වතු යායේ නිවාස පේලියක අද පස්වරුවේ ඇතිවූ ගින්නකින් වතු නිවාස 14 ක් විනාශ වී තිබේ.

එක් නිවසක ඇතිවූ ගින්න සෙසු නිවාසවලට ද පැතිර ගොස් ඇති අතර මෙහිදී කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

ගින්නට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැත.

පැතිර යමින් පැවති ගින්න වතු කම්කරුවන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මැදිහත්වීමෙන් පාලනය කිරීමට සමත්න ඇත.

Related posts

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

Mohamed Dilsad

ගාල්ලේ පාසැල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment