මහනුවර – ගලගෙදර විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනීම සඳහා වූ නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම 7/7 ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත.
මෙම සමූපකාර සමිතියේ ධූර සංඛ්‍යාව හතක් වන අතර එම ධූර හතම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය කිරීමට හැකි වී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගය සිය උපරිම ශක්තිය යෙදෙව්ව ද එකම දූරයක්වත් හිමි කර ගැනීමට නොහැකි වීමය.
පසුගියදා උඩුනුවර සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගැනීම සඳහා පැවති නිලවරණයේදී ද සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් සියලු අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු ජයග්‍රහණය කරනු ලැබීය.
