විදෙස්

ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමේ තීරණය අමෙරිකානු ජනාධිපතිවරයා සාධාරණීකරණය කරයි

ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට ගත් තීරණය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සාධාරණීකරණය කරයි. මෙම තීරණයෙන් හමුදා සාමාජිකයන්ගේ ජිවිත ආරක්‍ෂා කර ගැනීමට හැකිවන බව ඔහු පෙන්වා දෙයි. අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ සිදුකරන මෙහෙයුම් ලබන මස 30 වැනිදා අවසන් වෙයි.

අමෙරිකාව ඇතුළු විදේශීය හමුදා ඉවත් වන බව දැනුම්දීමත් සමග තලෙයිබාන් කැරළිකරුවෝ ඇෆ්ගනිස්තානයේ තම බලය තහවුරු කර ගනිමිනි සිටිති. ඔවුන් මේ වනවිට ප්‍රදේශ රැසක බලය අත්කරගෙන අවසන්ය.

2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසුව පුරා වසර 20 ක් අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් සිදුකළහ.

Related posts

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

Mohamed Dilsad

දිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟය උග්‍ර අතට

Mohamed Dilsad

අදානි ගැන සොයන්න ස්වාධීන කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment