විදෙස්

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

(UTV | කොළඹ) – පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දුන් MQM පක්ෂය විශ්වාසභංගයේදී විපක්ෂයට සහය දීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ඊයේ (29) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද දමා ඇතැයි, චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ, ලබන බ්‍රහස්පතින්දායි.

මේ අතර අතර දින 7 ක් තුළ ඡන්දය විමසීම ද කළ යුතු වේ.

එරට විපක්ෂ නායකවරයා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ තිබූ විශ්වාසය බිඳ වැටී ඇති බවයි.

Related posts

පාකිස්තානයද තවත් ශ්‍රී ලංකාවක් වෙන දුර වැඩි ඈතක නෙමෙයි – ඉම්රාන්

Mohamed Dilsad

ට්‍රම්ප් බ්‍රිතාන්‍ය සංචාරයකට සැරසෙයි

Mohamed Dilsad

ටෙක්සාස්හි වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment