විදෙස්

ටෙක්සාස්හි වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස්දෙනෙකු ජීිවිතක්ෂයට පත්ව තවත් දහසය දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කැබ් රථයක නැගී නගරයේ සැරිසරමින් මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

එම අවස්ථාවේ අමෙරිකානු තැපැල් සේවයට අයත් වෑන් රථයක් ද පැහැරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම වෙඩි තැබීම වාර්තාවන්නේ ටෙක්සාසයේ එල්පාසෝ හි වෙඩි තැබීමකින් පුද්ගලයන් 22 කු ජීවිතක්ෂයට පත්වී සති 04 කින් අනතුරුවයි.

Related posts

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනයට අවශ්‍ය සම්පත් නැත – බ්‍රසීල ජනාධිපති

Mohamed Dilsad

හොංකොං දුම්රියපලකට කඩාවැදුණු පිරිසක් කල දේ

Mohamed Dilsad

සිරියාවේ රකාහි ප්‍රධාන කඳවුරක් යළි සිරියානු හමුදාව යටතට

Mohamed Dilsad

Leave a Comment