විදෙස්

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනයට අවශ්‍ය සම්පත් නැත – බ්‍රසීල ජනාධිපති

(UTV| බ්‍රසීලය) – ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් තම රටට නොමැති බවයි බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ පවසයි.

මේ වන විට ඇමසන් වනාන්තරයේ විශාල භූමි ප්‍රමාණයක් දැවී අළු වී ගොස් තිබේ.

බ්‍රසීලය ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් තම රජයට ලැව්ගිනි පාලනය කිරීම සඳහා යැවිය හැක්කේ 40 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පමණක් බවත් ඔහු කියා සිටියි.

චන්ද්‍රිකා මාර්ගයෙන් ලබා ගත් තොරතුරු අනුව මේ වසරේදී ඇමසන් වනාන්තරයේ වාර්තාගත ලැව්ගිනි සංඛ්‍යාවක් හටගෙන ඇති බව අනාවරණය වීමෙන් පසු ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ඇමසන් වනය ගිනි ගැනීම, ජාත්‍යන්තර අර්බුදයක් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසා තිබෙන අතර එය ජී 7 සමුළුවේ ප්‍රධාන මාතෘකාව විය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.

Editor O

කොරෝනා වලින් රැකෙන්න ඉන්දියානුවන් බොන ඖෂධ[PHOTO]

Mohamed Dilsad

ජර්මනිය අපේ‍්‍රල් 17 දක්වා වසා දමයි

Mohamed Dilsad

Leave a Comment