විදෙස්

ඉතාලියේ සියලු පාසැල් යළිත් විවෘත කිරීමට පියවර

(UTV | ඉතාලිය) – කොවිඩ් 19 වසංගත තත්ත්වය කුමන ආකාරයෙන් පැවතියත් ආරක්ෂිත ක්‍රමවේදයන් සමග 2020/2021 ඉතාලියේ නව පාසැල් වාරය සැප්තැම්බර් මස (14) වනදා ආරම්භ කෙරෙන බව ඉතාලි අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලිනා මහත්මිය පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පන්ති කාමර හා පාසැල් ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක තුල සෞඛ්‍ය අංශ සමග එකාබද්ධව සැලසුමක් ක්‍රියාත්මක කිරිමට නියමිත බවද ඇමතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඊයේ (28) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 246,488 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,123 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (28) දිනයේදි නව කොවිඩ් 19 ආසාදිතයන් 212 ක් ආසාදිත මරණ 11 ක් වාර්තා වී තිබේ.

Related posts

ඇෆ්ගන් කාන්තාවන්ට රැකියාවක් කිරීමට තහනම්

Mohamed Dilsad

කිම් ජොං අන් ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සුදානම්

Mohamed Dilsad

පැරීසියේ ජනතාව හැඩවූ ඛේදවාචකය

Mohamed Dilsad

Leave a Comment