විදෙස්

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජෙෆ් තනතුරක් අත්හරී

(UTV | ඇමරිකාව) – ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජෙෆ් බෙසොස් ඇමසොන් සමාගමේ ප්‍රධාන විධායක තනතුරින් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මීට වසර 30 කට පමණ පෙර දී ඔහු සිය ගරාජයේ දී ඇමසොන් සමාගම අරඹා ඇති අතර එය මේ වනවිට ලොව ප්‍රමුඛතම ඉ-වෙළෙඳ සමගම ලෙස සැලකේ.

එම තනතුරෙන් ඉවත් වී ඔහු එම සමාගමේ විධායක සභාපති ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති අතර , එමගින් තම අනෙකුත් ආයතන කෙරෙහි “කාලය සහ ශක්තිය” වැය කිරීමට අවස්ථාව ලැබෙන බව ඔහු පැවසීය.

ඒ අනුව ඇමසොන් සමාගමේ ප්‍රධාන විධායකයා ලෙස ඇන්ඩි ජැසි පත්වීමට නියමිත අතර ඔහු මේ වසරේ මැද භාගයේදී එම තනතුර භාරගැනීමට නියමිතව ඇත.

 

Related posts

ඇෆ්ගනිස්ථානය සහ තලේබාන් සංවිධානය අතර පළමු සාම සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

බීජිං නුවර යළිත් කොරෝනා පොකුරක් මතුවීමෙන් පාසලුත් වසා දැමෙයි

Mohamed Dilsad

බැග්ඩෑඩයේදී හමුදා රථ පෙළකට ඇමෙරිකානු ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment