දේශීය

කටුනායක නිදහස් වෙළද කලාපයේ ගින්න ගැන රස පරීක්ෂණ වාර්තාවක්

(UTV | ගම්පහ) – කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක අද (03) අලුයම හටගත් ගින්න සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට පියවර ගෙන ඇත.

පොලිසිය සඳහන් කලේ, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ එම ස්ථානයට පැමිණීමට නියමිත බවයි.

අද අලුයම 04 ට පමණ එහි කසළ රඳවන අංගනය තුළ පළමුවෙන් ගින්න හටගෙන තිබෙන අතර , ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක ගුවන් තොටුපළේ සහ කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකවලට අයත් ගිනි නිවීමේ රථ 10 කට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන තිබේ.

මෙහිදී කිසිඳු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නොමැත.

ගින්න ඇති වූ ආකාරය මෙතෙක් අනාවරණ නොමැති අතර , කටුනායක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

 

Related posts

මෙරට මුදල් රැගෙන ගිහින් විදේශ රටවල්වල සමාගම් ආරම්භ කළ අය සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

Mohamed Dilsad

පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment