දේශීය

විදෙස්ගතව සිට එන රැකියා අහිමි ශ්‍රී ලාංකිකයන්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

(UTV | කොළඹ) – විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000 ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔවුන්ට මෙරට තුළ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ද තවත් රුපියල් 50,000 ක පොළී රහිත ණයක් ලබාදීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

“රැකියා අහිමිවෙලා ලංකාවට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට අපි කාර්යාංශය මගින් රුපියල් 50,000 ක් දෙනවා. මම කිව්වා මේ 50,000 වැඩි කරන්න කියලා ලක්ෂය දක්වා. තවත් රුපියල් 50,000 ක පොලී රහිත ණයක් දෙන්න කියලා කිව්වා යම් ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර අයට අව්‍යශයි නැවත පිටරට යන්න. එහෙම යන්නෙ නැතුව ඉන්න ඕන අය සිටී නම් ඒ අයගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් 50,000 මුදල ලක්ෂයක් දක්වා වැඩි කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා මම උපදෙස් දුන්නා.”

මෙරටට පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා ගැනීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මීට පෙර පැවසීය.

අමාත්‍යවරයා පවසන්නේ එවැනි ශ්‍රමිකයින් අදාළ රටේ කොන්සියුල කාර්යාලයේ ලියාපදිංචි වී තම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය.

 

Related posts

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

Mohamed Dilsad

මහ මුහුදේ බෝට්ටුවක දරු උපතක්

Editor O

බස්නාහිර සිදුකළ විශේෂ මෙහෙයුමකින් 900 කට අධික පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

Leave a Comment