විදෙස්

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි ජනතා විරෝධය ඉහළට

(UTV | මියන්මාරය) – මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට ජනතාව ප්‍රසිද්ධියේ විරෝධය පළකිරීම මේ වන විට ආරම්භ කර ඇත.

රෝහල් ගණනාවක වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව වැඩ වර්ජන ආරම්භ කර තිබෙන අතර , යැන්ගොන් ඇතුලු ප්‍රධාන නගර කිහිපයකට එක් රැස්වූ ජනතාව විවිධ විරෝධතා පවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඔවුන්ගේ දැඩි ඉල්ලීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුලු ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙසයි.

සුචී මහත්මිය ඇතුලු පිරිස කුමන ස්ථානයක රඳවාගෙන සිටින්නේදැයි මේ දක්වා අනාවරණ වී නොමැත.

මේ අතර මියන්මාර හමුදා පාලනය විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් නෙරපා හැර නව කොමිසමක් පත්කිරීමට ද කටයුතු කර ඇත.

එමෙන්ම මියන්මාරය තුල සිදුවූ හමුදා කුමන්ත්‍රණය හමුවේ එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවට අනතුරු අඟවා සිටියි.

විදේශීය ආයෝජකයන් ඩොලර් බිලියන ගණනක් වටිනා ආයෝජන ඉවත් කරගන්නා බවට අනතුරු අගවා තිබීම ඊට හේතුවයි.

 

Related posts

එන්නත ප්‍රතික්ෂේප කළොත් සිරගෙට

Mohamed Dilsad

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

ඝාතනයට ලක්වූ කලු ජාතිකයා වෙනුවෙන් තවදුරටත් විරෝධතා

Mohamed Dilsad

Leave a Comment