විදෙස්

ඝාතනයට ලක්වූ කලු ජාතිකයා වෙනුවෙන් තවදුරටත් විරෝධතා

(UTV| ඇමරිකාව) – පසුගියදා ඇමරිකාවේ කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවේදී සාහසික අයුරින් ඝාතනයට ලක්වීමේ සිද්ධියක් මුල්කරගෙන එරට දහස් ගණන් ජනයා ක්‍රියාත්මක කර ඇති විරෝධතා, පවතින ඇඳිරි නීතියද නොතකමින් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

වසංගතය ව්‍යාප්තියේදී මෙන්ම විරෝධතා පාලනයේදීද කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රබල විවේචන එල්ලවෙමින් පවතින පසුබිමක ඝාතනයට ලක්වූ තැනැත්තාගේ බිරිද සහ දියණියද මාධ්‍ය හමුවේ පෙනී සිටියහ.

මිනාපොලිස් නගරයෙන් ආරම්භ වී වොෂින්ටන් අගනුවර ධවල මන්දිර දක්වා ව්‍යාප්ත වු මේ විරෝධතා වර්තමානය වනවිට වඩාත් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ.

රටේ පවතින තත්ත්වය පාලනය සදහා නිව්යොර්ක් නුවර ඇතුලු ප්‍රධාන නගර 40කට, ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබුණි.

මේ අතර අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් මේ වනවිට උද්ගතව පවතියි.

විරෝධතාකරුවන් ප්‍රකට මෑන්හැටන් පාලම මත කොටු වී සිටින අතර එහි දෙපස රැස්වූ පොලිසිය පිරිස කොටුකරගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසියි.

අතීතයේ මෙන්ම අමෙරිකාවේ වර්තමානයේදීද කළු ජාතිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට එරට ප්‍රබල කතිකාවතක් ගොඩනැගී තිබේ. ඒ අනුව කළු ජාතිකයින් වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වෙනස්ම මාදිලියේ වැඩටහනක් ආරම්භ කර ඇත.

මීට සමගාමීව ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ මේ වැඩසටහන නම් කර තිබුණේ බ්ලැක්අවුට් ටියුස්ඩේ ලෙසයි.

Related posts

කොරෝනා එන්නත බවට හඟවා චීනයේ සේලයින් විකුණයි

Mohamed Dilsad

ඔඩීෂා දුම්රිය ඛේදවාචකය ගැන අලුත් ආරංචියක්

Mohamed Dilsad

ට්‍රම්ප් සංක්‍රමණිකයින් සීමා කිරීමේ ලියවිල්ලට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment