විදෙස්

ඔඩීෂා දුම්රිය ඛේදවාචකය ගැන අලුත් ආරංචියක්

පසුගිය මාසයේ ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් හි සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය සේවයේ සේවකයන් තිදෙනෙකු මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, සංඥා අංශයේ ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවන් දෙදෙනෙකු සහ කාර්මික ශිල්පියකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.

 

මිනීමැරීමට සමාන නො වන සාපරාධී මනුෂ්‍ය ඝාතන සහ සාක්ෂි විනාශ කිරීම යන චෝදනා යටතේ එම නිලධාරීන් ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

 

විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ, මොවුන් තිදෙනාගේ ක්‍රියාකලාපය අනතුරට තුඩු දෙන බව විමර්ශනයේ දී හෙළි වී ඇති බව ය.

 

අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන දුම්රිය ආරක්‍ෂක කොමසාරිස්වරයා පසුගිය සතියේ සංඥා දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ දෝෂ එයට වගකිව යුතු බවට ප්‍රකාශ කර තිබිණි.

 

මෙම දුම්රිය අනතුරින් පුද්ගලයන් 293 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් 1000කට අධික පිරිසක් තුවාල ලබා තිබිණි.

Related posts

අයිස් දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වෙයි.

Mohamed Dilsad

ගුහාවේ සිරවී සිටින සිසුන් සොයා තව දුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම වහාම නැවත්විය යුතුයි – ප්‍රංශ ජනපති

Mohamed Dilsad

Leave a Comment