දේශීය

විදේශ රැකියා වෙළෙඳපොළ ගැන සුබ ලකුණක්

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා ගනිමින් විදේශගත වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වසරේ 150,000 සීමාව ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

 

එහි සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ලක්ෂ තුනක පමණ ශ්‍රමිකයන් පිරිසක් මේ වසරේ දී කාර්යංශයේ ලියාපදිංචි වෙතැයි අපේක්ෂා කරන බව ය.

 

2022 වසර තුළ 311,000කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා යොමු වී ඇති බවත් මේ වසර තුළ කටාර්, කුවෙට්, සෞදි ආරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් 4ට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකිකයන් යොමු වීමේ ප්‍රවණතාවක් ඇති බවත් සමාන්‍යාධිකාරිවරයා අවධාරණය කරයි.

 

“ඊට අමතර ව අපි දකිනවා රුමේනියාව සහ ජපානය කියන රටවල් දෙකටත් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමු වෙලා තියෙනවා. සමස්තයක් ලෙස ගත්තාම ශ්‍රී ලාංකිකයින් තවදුරටත් විදේශගත වන ප්‍රවණතාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ, වැඩි වශයෙන් කුසලතා සහිත ශ්‍රමිකයන් විදේශ රැකියා වෙළෙඳපොළ සඳහා යොමු කිරීමට” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරයි.

 

 

Related posts

මැතිවරණ රාජකාරීවල නිරතවූ නිලධාරීන්ට දැනුම්දීමක්

Editor O

තවත් කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමෙන් සමස්තය ඉහළට

Mohamed Dilsad

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

Leave a Comment