විදෙස්

ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට සුදානම්

(UTV| කොළඹ) – තම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

ඒ අනුව අදාළ ගුවන් නියමුවා හෙට(01) දිනයේ නිදහස් කෙරෙන බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

අතර දෙරට සාමය පවත්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඉම්රාන් ඛාන් පවසයි.

පසුගිය බදාදා පකිස්ථාන ගුවන් සීමාවට ඇතුලුවු ඉන්දීය ගුවන් යානයක් පකිස්ථාන හමුදා ප්‍රහාරයකින් විනාශයට පත්වු අතර අනතුරුව එහි නියමුවා අත්අඩංගුවට පත්වුණි.

මේ අතර පකිස්ථානය විසින් වෙඩි තබා බිම හෙළන ලද සිය ජෙට් යානයේ සිටි නියමුවා ආරක්ෂා සහිතව තමන් වෙත භාරදීමට පියවර ගන්නා ලෙස ඉන්දියාව, පාකිස්ථානයට දැනුම්දීමක්ද කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

Mohamed Dilsad

ග්‍රීන් කාඩ් ගැන ඇමෙරිකානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක්

Editor O

සේවකයන් 53 ක් ද සමඟ ඉන්දුනීසියාවේ සබ්මැරීනයක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment