විදෙස්

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

(UTV | නවසීලන්තය) – ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට රටට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.    

ඒ ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගෙනයි.

ඉන්දියාවේ සිට පැමිණෙන සිය පුරවැසියන්ටද මෙම රෙගුලාසිය වලංගු බවයි නවසීලන්තය දැනුම් දී ඇත.

ඕක්ලන්ඩ් නුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය මේ බව නිල වශයෙන් නිවේදනය කරයි.

විදේශයන්ගෙන් නවසීලන්තයට පැමිණි පුද්ගලයන් අතර සිටි 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස අද දිනයේදී හඳුනාගෙන තිබෙන අතර , ඉන් 17 දෙනෙකුම ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

 

Related posts

2021 දී ඉන්දියාවෙන් උඩුගුවනට මිනිසුන් යැවීමේ සැලසුමක්.

Mohamed Dilsad

පාකිස්ථානයෙන් ඉන්දීය දේශ සීමාවට මෝටාර් ප්‍රහාරයක්

Mohamed Dilsad

එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment