විදෙස්

අදානි ගැන සොයන්න ස්වාධීන කමිටුවක්

ඉන්දීය ව්‍යාපාරික අධිරාජ්‍යයක් හිමි ගෞතම් අදානි ගැන එක්සත් ජනපද පර්යේෂණ ආයතනයක් එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

 

Hindenburg Research ආයතනය පළකළ වාර්තාවක සඳහන් වූයේ අදානි සමුහය කොටස් මිලට අනවශ්‍ය ලෙස මැදිහත්වීම් සහ මූල්‍ය වංචා සිදුකර ඇති බවය.

 

ඒ සමගම අදානි සමාගමේ කොටස් මිල සීඝ්‍රයෙන් පහළගොස් විශාල මූල්‍ය අලාභයක් සිදුවුණි.

 

නමුත් එම චෝදනා අදානි ප්‍රතික්ෂේප කරයි.

 

එහෙත් ඉන්දීය විපක්ෂය පවසන්නේ එම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවය.

 

ශ්‍රේෂ්ඨාධිකරණය පත්කර ඇති කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු විනිසුරුවරයෙක් වන අභේ එම්. සප්රේ නම්කර ඇති අතර මාස දෙකක් ඇතුළත ඔවුන්ගේ වාර්තාව ලබාදෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

 

 

Related posts

කොරෝනා මූලාරම්භය සෙවීමට පැමිණි WHO නියෝජිතයන්ට චීනයේ දොර වැසේ

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු අගමැතිට ජනතාවගේ දැඩි විරෝධය

Mohamed Dilsad

ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

Mohamed Dilsad

Leave a Comment