විදෙස්

දිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟය උග්‍ර අතට

(UTV | ඉන්දියාව) – ගතවූ දිනයේත් ලක්ෂ 3 ඉක්මවූ වාර්තාගත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා විය.  

ඒ වසංගතය ඇරඹීමෙන් පසු ලොව එක් රටකින් එක් දිනකදී හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන සටහන් කරමිනි.

මේ අතර කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහල්වල දැඩි ඔක්සිජන් හිඟයක් හටගෙන ඇත.

මේ වනවිට රෝහල් 06 ක මුලුමනින්ම ඔක්සිජන් නොමැති තත්ත්වයක් ඇතිවී ඇති අතර , අනෙක්වායෙහි ද සැපයුම් හිඟතාවයක් පවතින බව සඳහන්.

ඔක්සිජන් නොමැතිවීම හමුවේ පෙරේදා දිනයේදී කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු මරණයට පත්ව ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියාවේ වඩාත් දියුණුම සෞඛ්‍ය පද්ධතියක් සහිත දිල්ලියේ ප්‍රධාන රෝහල් 6ක ඔක්සිජන් සංචිත සම්පූර්ණයෙන්ම අවසන්වී ඇතැයි ඒ සමඟින් වාර්තාවී තිබේ.

සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේදී ජනතාව දැක්වූ අලස බව නිසා, කොවිඩ් පළමු රැල්ල සාර්ථක ලෙස පාලනය කළ ඉන්දියාව මෙවන් අසීරු තත්ත්වයක් කරා යොමුවී ඇතැයි ඉන්දීය වාර්තා පෙන්වාදෙයි.

 

Related posts

හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත් වේ

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය

Editor O

ඉරානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර, ඩොනල්ඩ් ට්‍රම්ප් දැකපු විදිය…

Editor O

Leave a Comment