දේශීය

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

(UTV | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ සිටින මරණ දණ්ඩනය නියමවී සිටින සිරකරුවන් පිරිසක් එහි වහලයක් මත සිට යළිත් විරෝධතාවයක් අරඹා ඇත.

තමන්ට නියම කර ඇති මරණීය දණ්ඬනය, ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලෙස අඩු කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවේ.

ඊයේ පස්වරුවේ මෙම විරෝධතාවය අවසන් කෙරුණද රාත්‍රියේ එය නැවතත් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

මේ අතර, වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනයද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ඔවුන්ගේ ඉල්ලා සිටින්නේ පොදු සමාව ලබාදීමේදී සැමට සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසයි.

Related posts

මැතිවරණ නීති උල්ලංඝණය කළ 98 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැතිධූරය ගැන නිවේදනයක්

Mohamed Dilsad

නිවෙසටම ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය අද සිට දිවයින පුරා

Mohamed Dilsad

Leave a Comment