දේශීය

නිවෙසටම ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය අද සිට දිවයින පුරා

(UTV | කොළඹ) – සායනවල ලියාපංදිචි වූ රෝගීන්ට නිවෙසටම ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය අද සිට රට පුරා ක්‍රියාත්මක කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙතෙක් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කෙරුණේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වල පමණක් බවයි.

පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් බෝ නොවන රෝගීන් සායනවලින් ලබා ගන්නා ඖෂධ නිවසට ලබාදීම සඳහා හඳුන්වාදුන් වැඩපිළිවෙල ඒ් අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය ගැන දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment