දේශීය

අගමැතිධූරය ගැන නිවේදනයක්

(UTV | කොළඹ) – අගමැතිධූරය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අද (03) උදෑසන නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවය.

රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

නිරෝධායනය සඳහා යන පිරිසට නොමිලයේ ආහාර පාන ලබාදීමට උපදෙස්

Mohamed Dilsad

පාසැල් ප්‍රවාහන සේවා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment