දේශීය

නිරෝධායනය සඳහා යන පිරිසට නොමිලයේ ආහාර පාන ලබාදීමට උපදෙස්

(UTV | කොළඹ) –  විදෙස් රටවලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමටත් කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි 181 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී තිබේ.

එලෙස ආහාර සඳහා මුදල් අය කරගැනීම සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රමික පිරිසෙන් අද පෙරවරුවේ දැඩි විරෝධයක් එල්ල විය.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඇමෙරිකාවේ තීරුබද්ද හේතුවෙන් ඇඟළුම් කර්මාන්තය අවධානමේ – වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත

Editor O

කුසල් සමාව ඉල්ලයි

Mohamed Dilsad

අඩු මිලට කුළු බඩු ගන්න පුළුවන් අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment