දේශීය

බිත්තර රුපියල් 3 කින් පහළට

(UTV | කොළඹ) – පසුගිය උත්සව සමයේ දී ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිය බිත්තර හා කුකුළු මස් මිල මේ වනවිට පහත බැස තිබෙනවා.

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ, රුපියල් 750ක් ව පැවති කුකුළු මස් කිලෝවක් රුපියල් 700ත් 690ත් අතර මිලකට මේ වනවිට අලෙවි වන බවයි.

ඒ අනුව කුකුළු මස් මිල රුපියල් 50ත් 60ත් අතර අගයකින් අඩු වී තිබෙනවා.

මේ අතර, බිත්තරයක මිල ද රුපියල් 3කින් අඩු වී ඇති අතර, රුපියල් 26ක් ව පැවති බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 23කට යි.

Related posts

මෙරටින් බැහැරට ගෙන ගිය වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

Editor O

අත්අඩංගුවට ගත් ලංගම හිටපු උප සභාපතිවරයා ඇප මත මුදාහරී

Editor O

මන්ත්‍රී අතාවුල්ලට පාර්ලිමේන්තුවේදී සිදුවූ දේ

Mohamed Dilsad

Leave a Comment