දේශීය

රනිල් පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.   

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මහ මැතිවරණ ප්‍රථිඵලයට අනුව ආසන මට්ටමින් කිසිදු මන්ත්‍රී අසුනක් දිනාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්වුණේ නැත.

එහෙත් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවූ අතර එය මේ දක්වා පුරප්පාඩුව පැවතියේය.

 

Related posts

ඉදිරි මාසයක කාලය කොවිඩ් පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්

Mohamed Dilsad

විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන රජයේ ස්ථාවරය

Editor O

Leave a Comment