දේශීය

හෙට සිට කටුනායක ඇතුළු ගුවන්තොටුපොළ තුනක් විවෘතයි

(UTV | කොළඹ) – හෙට (01) දිනයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ගුවන්තොටුපොළ තුනක් මෙරටට පැමිණෙන පිරිස් සඳහා විවෘත කෙරෙන බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි.   

කෙසේ වෙතත් මෙරටට පැමිණෙන මගීන් ප්‍රමාණය සීමා කිරීමක් ද සිදුකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී එක් ගුවන් යානයක ගමන් කළ හැකි මගීන් ප්‍රමාණය 75ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ලංකාවට මගීන් පැමිණීම යම්කිසි සීමා කිරීමක් සිදුකර ඇතැයි ද පැවසීය.

ගුවන් මගීන්ගේ හා ගුවන් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව උදෙසා එම තීරණය ගෙන ඇති බව ද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, පැමිණෙන සියලුදෙනා දින 14ක අනිවාර්ය කාලසීමාවකට යටත්ව PCR පරීක්ෂණ සඳහා යොමුවිය යුතු බව ද කියා සිටියේය.

කෙසේවෙතත් ගතවූ දින 14 තුළ වියට්නාමයේ සංචාරය කර ඇති ඕනෑම අයෙකුට රටට ඇතුලුවීමට අවසර නොදීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත.

එරටින් මේ වනවිට හමුවී ඇති දෙමුහුන් කොවිඩ් වෛරස ප්‍රභේදය ඊට හේතුවයි.

මේ අනුව අද රාත්‍රී 12 සිට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමත් සමග වියට්නාමයේ සහ ඉන්දියාවේ සිට පැමිණෙන අය හැර අනෙක් ඕනෑම අයෙකුට දිවයිනට පැමිණිය හැකියි.

 

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන යෝජනා කැඳවයි

Editor O

ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවත පරීක්ෂාට

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අනිවාර්යය නිවාඩු යවයි. – පොලිස් කොමිෂමේ තීරණයක්

Editor O

Leave a Comment