Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන යෝජනා කැඳවයි

(UTV | කොළඹ) –

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා මෙහිදී භාරගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඊට අදාළ අයදුම්පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන https://www.presidentsoffice.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කරගත හැකි බව සඳහන්. කෙසේවෙතත් සියලු යෝජනාවල PDF ආකෘතියේ මෘදු පිටපතක් පමණක් saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑලයට යොමුකළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ඒ අනුව අදාළ යෝජනා අගෝස්තු මස 9 වන දිනට හෝ එදිනට පෙර යොමුකළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

2108 දියකාවා යුද්ධ අභ්‍යාසය

Mohamed Dilsad

හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Mohamed Dilsad

வெள்ளவத்தையில் அசாதாரண சூழ்நிலை: 9 பேர் வைத்தியசாலையில்

Mohamed Dilsad

Leave a Comment