දේශීය

රිෂාඩ් බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV| කොළඹ) – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.   

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, එම දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම්කර ඇත.

පසුගිය අප්‍රේල් මස 24 වනදා අලුයම සිය නිවසට කඩාවැදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් තමන්ව අත්අඩංගුවටගත් බව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මේ වන විට රිෂාඩ් මන්ත්‍රීවරයා දින 90 ක රැඳවුම්භාරයේ පසුවෙයි.

තමා රැඳවුම්භාරයේ තබා ගැනීමට සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වා දෙන රිෂාඩ් බදියුදීන් මහතා සුළු ජාතික දේශපාලන පක්ෂයක නායකයෙකු වන තමන්ව අපහසුතාවයට හා පළිගැනීමට ලක්කිරීමේ අරමුණින් එය සිදුකොට ඇතැයිද චෝදනා කළේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව ඕනෑම කොන්දේසියක් මත මුදාහරින ලෙස අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසත් රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති – අගමැතිගේ කණගාටුව

Mohamed Dilsad

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තියයි.

Editor O

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment