දේශීය

අත්අඩංගුවට ගත් යාපනය සරසවි සිසුන් ඇප මත නිදහස්

(UTV |යාපනය) – යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඊයේ රාත්‍රියේ හටගත් කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සරසවි සිසුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

ඒ ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඔවුන්රු පියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර ඇත.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දිය ප්‍රජාවගෙන් චෝදනා එල්ල වෙයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව දේශපාලඥයින් පිරිසක් විසින් මෙලෙස ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය කේ. පලනිස්වාමි, නියෝජ්‍ය ප්‍රධානී ඕ. පන්නීර්සෙල්වම් සහ ඩී.එම්.කේ පක්ෂයේ සභාපති එම්.කේ. ස්ටාලින් ඇතුළු පිරිසක් මෙලෙස චෝදනාඑල්ල කර ඇති බවයි.

අදාළ ස්මාරකය ඉවත් කිරීම ලොව පුරා ද්‍රවිඩ ජනතාව ශෝකයටපත් කරන කරුණක් බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කරන තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යපලනිස්වාමි පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම තරයේ හෙළා දකින බවය.

මෙම සිද්ධිය ඉන්දීය රජය ද හෙළා දැකිය යුතු බව ඩී.එම්. කේපක්ෂයේ සභාපති එම්.කේ.ස්ටාලින් ප්‍රකාශ කර තිබේ.

Related posts

ජනපති නියමයෙන් සිංහරාජයේ මාර්ග ඉඳිකිරීම නවතී[PHOTOS]

Mohamed Dilsad

අලූත්ගම අවට ප්‍රදේශ රැසකට අද පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

දළදා පෙරහරේ කප් සිටුවීම අද

Mohamed Dilsad

Leave a Comment