දේශීය

දළදා පෙරහරේ කප් සිටුවීම අද

(UTV | කොළඹ) – රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍ය අද (29) ආරම්භ කෙරේ.

ප්‍රථම පෙරහර අද රාත්‍රීයේ වීදි සංචාරය කෙරෙන අතර, අවසාන මහා රන්දෝලි පෙරහර අගෝස්තු 11 වැනිදා රාත්‍රීයේ පැවැත්වෙයි. ඒ අනුව අගෝස්තු 12 වැනිදා උදෑසන මැණික් ගඟේ දියකැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වෙයි.

මේ අතර මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහ දේවාල කප් සිටුවීමේ චාරිත්‍රය අද (29 වැනිදා) අලුයම 03.03ට එළැඹෙන සුබ නැකතින් සිදුකිරීමට නියමිතය.

පුරාණ චාරිත්‍ර හා ආගමික වතාවත් අනුව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල කප් සිටුවීමෙන් අනතුරුව අගෝස්තු 01 වැනිදා දක්වා සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙයි.

Related posts

මුඛ පිළිකා වැළැක්වීමේ විශේෂ වැඩසටහන් මාලාවක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට සිකුරාදා වතුර නෑ

Mohamed Dilsad

සේවක අර්ථසාධක ගෙවීම් දින තුනකට නවතී.

Editor O

Leave a Comment