ගොසිප්

බැසිල් රාජපක්ෂ රට ගිය හේතුව නාමල් හෙළි කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ විදෙස්ගත වූයේ කිසිඳු අසනීප තත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා නොව ඒ මහතාගේ පෞද්ගලික කාරණයක් නිසා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.   

“එතුමා පෞද්ගලික කාරණයක් මත විදේශගත වුණා. ඉතිං ඒක සාමාන්‍ය කාරණයක්. එතුමා සති තුනක් ඇතුළත නැවත ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. එතුමාට ප්‍රතිකාරවලට යන්න කිසිම ලෙඩක් තිබ්බෙ නෑ.

එතුමා පැහැදිලිවම පෞද්ගලික කාරණයක් මත ගියේ. ඉතිං හැමෝගෙම පෞද්ගලික ජීවිතයේ පෞද්ගලික කාරණා තියෙනවා. ඒවා මං හිතන්නෙ අපි වැඩිය ඇඟිලි ගහන්න හොඳ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Related posts

90 වියේ පසුවන හොරණ කාන්තාවකටත් කොරෝනා

Mohamed Dilsad

රන්බීර්,ආලියා විවාහයට දින නියම වේ

Mohamed Dilsad

ජනපති මැණිකේට වශී වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment