දේශීය

හෙට සිට සංචරණ සීමා ක්‍රියාත්මක වන අයුරු

(UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම ක්‍රියාත්මකවන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලැබීය.   

හෙට (17) අලුයම සංචරණ සීමා ඉවත් වුවද මැයි මස 31වන දින දක්වා රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමක් සිදුවන අතර පළාත් අතර සංචරණ සීමා ද අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට (17) හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණකි.

Related posts

වැඩවර්ජන මෙහෙයවපු කට්ටිය පිරිවරාගෙන, වැඩ බැරි තුන්දෙනෙක් රට කරගෙන ඉන්නවා. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

Editor O

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවලිය නිසා වෛද්‍ය වැඩ වර්ජනය දුරදිග යයි…?

Editor O

මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

Mohamed Dilsad

Leave a Comment