ක්‍රීඩා

අභ්‍යන්තර මත ගැටුම් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර වැටුප් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිව තිබෙන බවට පල වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.  

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ වාර්ෂිකව කොන්ත්‍රාත් ගිවිසුම් අලුත් කිරීම සිදු කරන බැවින්, නව කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශවය අතර පොදු එකගතාවයකට එළඹීමට උත්සාහ කරන බවයි.

එබැවින් ඒ පිළිබද කිසිදු මත ගැටුමක් නිර්මාණය වී නොමැති බවත්, කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් සුහද සාකච්ඡා තවදුරටත් සිදු වෙමින් පවතින බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

Related posts

තරුෂි සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි.

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්

Mohamed Dilsad

ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment