ක්‍රීඩා

ටිම් පේන්, බට්ලර් පරදා දික්වැල්ල ලෝකෙන්ම අංක එකට

(UTV | කොළඹ) – ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ අංක 07 පිතිකරණ ස්ථානයේ පන්දුවට පහර දෙන පිතිකරුවන් අතරින් අවසන් වසර තුන තුළ ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින පිතිකරුවා බවට පත්වීමට නිරෝෂන් දික්වැල්ල සමත්ව ඇත.   

ඒ, මීට පෙර අවසන් වසර 3 තුළ අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙමින් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවා වූ ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් දෙවන ස්ථානයට පත් කරමින්.

බංග්ලාදේශයට එරෙහිව මේ දිනවල පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30) දිනය නිමා වන විට ද ඔහු පන්දු 64 කදී නොදැවී ලකුණු 64 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ අර්ධ ශතක 18 ක් සමගින් ඉනිම 79 කදී ලකුණු 2,406 ක් රැස්කර ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත්ව ඇත.

Related posts

විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත⁣ට

Editor O

ජස්ටින් ලැන්ගර් ඔස්ට්‍රේලියානු පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති සුබපතයි.

Editor O

Leave a Comment