දේශීය

ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුවත් තහනම් වෙයි

(UTV | සිංගප්පූරුව) – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර ඇති පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළුවීම හෝ සිංගප්පූරුව තුළින් හුවමාරුවීම තහනම් කිරීමට සිංගප්පූරුව කටයුතු කර තිබේ.   

හෙට (02) සිට මෙම තීරණය ක්‍රියාත්මක කරනු ඇත.

ඒ අනුව බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය හා පාකිස්තානය යන රටවල සංචාරය කර ඇති පුද්ගලයන්ට මෙම තීරණය අදාළ වෙයි.

පසුගිය දින 14 ක කාලය තුළ එම රටවල සංචාරය කර ඇති අයට මෙසේ සිංගප්පූරුව තුළට ඇතුළුවීම තහනම් කර තිබේ.

 

Related posts

වාර්ෂිකව තැපෑලෙන් බිලියන 06 ක පාඩුවක් – සේවා පුළුල් කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය

Mohamed Dilsad

ආසාදිතයන් 157ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment