විදෙස්

මොඩෙර්නා එන්නතත් හදිසි භාවිතයට WHO අනුමත කරයි

(UTV | කොළඹ) – ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නතට පසුව කොවිඩ්-19 වෛරසයට එරෙහිව වඩාත් සාර්ථක එන්නතක් ලෙස සැලකෙන මොඩෙර්නා එන්නතද හදිසි භාවිතය සඳහා වලංගු කරන ලද එන්නත් ලැයිස්තුවට එකතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.   

ඒ අනුව මොඩෙර්නා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් අතර හදිසි භාවිත අනුමැතිය ලබාගත් පස්වැනි එන්නත බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදෙන ක්‍රියාවලිය යටතේ සිදු කෙරෙන එක් දෙයක් වන්නේ නිෂ්පාදනය සිදුකරන ආකාරය සමාලෝචනය කිරීම බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් මාධ්‍ය අමතමින් පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වනවිට ෆයිසර්- බයෝඑන්ටෙක්, ඇස්ට්‍රාසෙනෙකා-එස්කේ බයෝ, ඇස්ට්‍රාසෙනෙකා-ඉන්දීය සේරම් (කොවිෂීල්ඩ්) සහ ජැන්සෙන් (ජොන්සන් ඇන්ඩ් ජොන්සන්) යන එන්නත් හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කර ඇත.

මේ අතර පසුගියදා ෆයිසර් සහ මොඩෙර්නා එන්නත් වැඩිහිටියන් අතර කොවිඩ්-19 රෝහල්ගත වීමේ අවදානම 94% කින් අඩු කරන බව නවතම අධ්‍යයනයකින්ද හෙළි වී තිබුණි. එක්සත් ජනපදයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් අතර සම්පූර්ණ එන්නත ලබාගත් වැඩිහිටියන් අතර කොවිඩ්-19 රෝහල්ගත කිරීමට එරෙහිව ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා කොවිඩ්-19 මර්දන එන්නත් සැබෑ ලෝකයේ 94%ක් ඵලදායී බව එහිදී සඳහන් කෙරිණි.

Related posts

බ්‍රසීලයේ කොරෝනා මරණ 20,000 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දියාවේ පසුගිය දා සිදුවූ ගුවන් අනතුර ගැන විමර්ශන වාර්තාවකින් හෙළි වූ දේ

Editor O

ඉන්දුනීසියාවේ සරසවි සිසු විරෝධතාවයකින් 27 දෙනෙකු මරුට[VIDEO]

Mohamed Dilsad

Leave a Comment