විදෙස්

බ්‍රසීලයේ කොරෝනා මරණ 20,000 ඉක්මවයි

(UTV|කොවිඩ් 19) – බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 20, 047 දක්වා ඉහළ ගොස් ඇත.

එය ලොව 6 වන වැඩිම කොවිඞ්-19 මරණ සංඛ්‍යාව වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම, මහා බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයන් දින 14 ක ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කළහොත් ස්ටර්ලිං පවුම් 1000 ක දඩයකට යටත් කෙරෙන නව නීතියක් පනවා තිබේ.

මේ අතර, රැකියා අහිමිවූ ලක්ෂ 24 කට ආසන්න අමෙරිකානුවන් පිරිසක් පසුගිය සතියේදී ලියාපදිංචි වී ඇති බව එරට මාධ්‍ය පවසයි.

ඒ අනුව දැනට එරට රැකියා අහිමිවී ඇති මුලු සංඛ්‍යාව මිලියන 38. 6 කට ආසන්න වේ.

Related posts

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් ඉඳිකටුව නැති එන්නතක් නිපදවීමට යයි

Mohamed Dilsad

චීනයෙන් පළමු මන්කිපොක්ස් ආසාදිතයා වාර්තාවෙයි

Mohamed Dilsad

තායිවාන ගුවන් අනතුරෙන් හමුදා ප්‍රධානියා ඇතුළු 8ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment